Colombo Today Local News

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කළ නිවේදනය නිකුත්වීමෙන් පසු අද (12) උදෑසන සිට බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශවලට පුද්ගලයින් පැමිණ ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එලෙස පුද්ගලයින් පැමිණ ඇත්නම් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.

මීට අමතරව හෝටල්, නවාතැන් පොළවල් හිමිකරුවන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ, බස්නාහිර සිට යම් අයෙකු පැමිණෙන්නේ නම්, ඒ පිළිබඳ ළඟම පොලීසියට දැනුම් දෙන ලෙසයි.

ලබන 15 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කෙරිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කලේ , බස්නාහිර පළාතට ඇතුළු වීමට බාධාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් එලෙස පැමිණෙන පුද්ගලයින්ට යළි බස්නාහිරින් පිටව යා හැක්කේ, ඉරිදා දිනයෙන් පසුවයි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සියලු බස් රථ සේවා ද ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 .00 දක්වා අත්හිටුවා තිබේ.

මේ අතර , ලබන 15 වන දා දක්වා , දුම්රිය වලට බස්නාහිර පළාත තුළට පැමිණීමට අවසර ලබා දී ඇති නමුත් , බස්නාහිර පළාත් සීමාව තුළින් පිටවීමට අවසර හිමි නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව බෙලිඅත්ත, මහනුවර , මහව , පුත්තලම සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරන දුම්රියන් වලට අද පෙරවරුවේ කොළඹ කොටුවට ළඟා වීමට අවසර හිමිවනු ඇති.

පස්වරුවේ ගමනාන්ත කරා ධාවනය වන දුම්රියවල ගමන් ගනු ලබන මගීන්ට බස්නාහිර පළාතේ සීමාවන්වල පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ, අවිස්සාවේල්ල දක්වා කොළඹ සිට ගමන් කිරීමට අවස්ථාව ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

හාල් නෑ කියන්නේ කුහකකමට-මාලිමා මන්ත්‍රී

Admin

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday

ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

Admin

සන්ධානයේ හිටපු පා.ම. දයාශ්‍රිත තිසේරා සජබට එක්වෙයි

Admin

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday