Colombo Today Local NewsUncategorized

තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ : රට පුරා කඳවුරු 17 ක පුහුණුව ලබලා

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් දහසකට (1000) අධික පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

 මෙම තොරතුරු ලැබී ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ රාජකාරි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සහජහාන් නමැති තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මතය.

 තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් හෂීම් සහ ප‍්‍රාදේශීය නායකයන් යටතේ රටේ විවිධ ප‍්‍රදේශවල පුහුණු කඳවුරු 17 ක් පවත්වාගෙන ගොස් තිබූ බව හෙළි වී ඇත. මෙම පුහුණු කඳවුරුවල පුහුණුව ලැබූ තව්හිද් ජමාත් සාමාජිකයන්ගේ සංගණනයක් කිරීමේදී එම සංවිධානයට සම්බන්ධව පුද්ගලයන් දහසකට අධික පිරිසක් සිටින බව අනාවරණය වී තිබේ.

 මේ ආකාරයට පුහුණු කඳවුරුවල පුහුණුව ලැබු තව්හිද් ජමාත් ත‍්‍රස්තයන් රැසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

 වනාතවිල්ලූව, නුවරඑළිය, කුරුණෑගල, සමන්තුරේ, අක්කරපත්තුව, කල්මුණේ, හම්බන්තොට, මහනුවර, ඇතුළු ප‍්‍රදේශ 17 ක තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරු ස්ථාපිතකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

දිවයින

Related posts

කැලනි සිසුන්ගේ විරෝධය

Admin

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

Admin

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්

Admin

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

colombotoday