Business

ඩොලරය නැවතත් රු 177 පසුකරයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව (13) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4082 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.3061 ක් ලෙසින් සටහන් විය.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමාව අභිබවා ගිය දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පළමු වරට පසුගිය නොවැම්බර් 01 දා ඩොලරයේ විකුණුම් මිල රු. 177 සීමාව ඉක්මවා ගියේය. එදින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් ලෙසින් සටහන් විය.

මේ වන විට 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම 15% ක මට්ටමට ආසන්න වී තිබේ.

Related posts

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

colombotoday

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

AIBT Campus මහනුවරට. අඩුම ආයෝජනයකින් දෙස් විදෙස් පාඨමාලා රැසක්

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

colombotoday