Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව පෙබරවාරි 17ට කල් යයි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමල ජාතික සන්ධානය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන සහ පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා වගඋත්තර කරුවන් කරමින් ගොනු කල නඩුව අද (8) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී, මෙම නඩුවේ අපරාධමය වටපිටාවක් පවතින බැවින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බව අධිකරණයට දන්වා ඇතිබව විනිසුරුවන් සඳහන් කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා, අධිකරණයෙන් දන්වා ඇති පරිදි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද දිනයේ අධිකරණයේ පෙනී සිටින බවත් මෙම නඩුව සඳහා ජේෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු පෙනී සිටීමට නියමිත බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා වෙනුවෙන් පෙනීසිටින දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අද දිනයේ අධිකරණයට පැමිණ නොසිටි අතර ඔහු වෙනුවට වෙනත් නීතිඥවරියක් කරුණු දක්වමින් මෙම නඩුව සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලු අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් මෙම නඩුව 2020 පෙබරවාරි 17 නැවත කැඳවීමට නියෝග කර සිටි අතර අධිකරණයේ පහසුව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට මෙම නඩුව සඳහා පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර සිටියා.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර ඇතුළු නීතිඥ මඩුල්ලක් නීතිඥ නිලූකා දිසානායක මහතිමියගේ උපදෙස් මත පෙනී සිටින ලදි.

Related posts

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

colombotoday

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අවසර

Admin

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ගිනි අවියක්, ඩොලර් 6,000ක් ඇතුලු කෝටි ගානක් කොල්ල කාලා

Admin

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday

බුද්ධි අංශ දුර්වල කර, හමුදා නිලධාරීන් හිරේ දැමූ මේ ආණ්ඩුවේ බාප්පලා ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි – ජනපති

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin