Colombo Today Local News

ඥානසාර හිමිගේ තීන්දුව සවස 2ට හෝමාගම මහාධිකරණයේදී

කොටි ත්‍රස්තවාදීන්ට උදව් උපකාර කල මාධ්‍යවේදියෙකු ලෙස චෝදනා එල්ලවූ දැනට අතුරුදහන් වී සිටින ප්‍රගීත් එක්නැලිගොඩ නමැත්තාගේ බිරිඳට බැන තර්ජනය කළායැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට චෝදනා එල්ලකරමින් හෝමාගම පොලීසියට ඉදිරිපත්වූ පැමිණිල්ලකට අනුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව පසුගිය වසරේ ප්‍රකාශයට පත්කරමින් මාස 6ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි.

එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට ඥානසාර හිමි විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එහි තීන්දුව අද (8) සවස 2ට ලබා දීමට නියමිතව ඇත.

Related posts

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබා දීමට රජය තීරණය කරයි !

colombotoday

කැබිතිගොල්ලෑවේ කුපිත වූවන්ගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයා මරුට

Admin

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

colombotoday

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday