Colombo Today Local News

ජාත්‍යන්තර කොටි ජාලය ජීනීවාහී රැස්වෙයි… ගෝඨාභයට එරෙහි මෙහෙයුම සැප්. 7 ඇරඹෙයි…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි කොටි ඩයස්පෝරාවේ ජාත්‍යන්තර මෙහෙයුම සැප්තැම්බර් 7 දා ජිනීවා නුවරදී ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සූකා, චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ, හිටපු බීබීසී වාර්තාකාර ප‍්‍රැන්සිස් හැරිසන්, ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රකාශක සුරේෂ් සුරේන්ද්‍රන්, ප‍්‍රංශ කොටි ඩයස්පෝරා නායක මරියදාස්, බැංගලෝර් මහාචාර්ය පෝල් නිව්මන්, තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වන වයිකෝ සහ තිරුමුරුගන් ගාන්ධි කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ කිරුබාහරන් ඇතුළු ඊළාම්වාදීන් 30 ක් සහභාගි වේ. මේ සඳහා ප‍්‍රෑන්ක් මිලියන 5 ක් වැයවන බව හෙළිවී ඇත.

2009 මැයි 19 දා කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ආරම්භ කළ ප‍්‍රචාරක මෙහෙයුමින් පසු දියත් කර ඇති විශාලතම මෙහෙයුම මෙය වේ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජාත්‍යන්තරව අවමානයට ලක්කිරීම සඳහා ප‍්‍රංශයේ සිට ටී.ජී.පී. අධිවේගී දුම්රියක් වෙන්කරගෙන ඇති කොටි ඩයස්පෝරාව ඊළාම්වාදීන් විශාල පිරිසක් ජිනීවා වෙත ගෙන ඒමටද සැලසුම් කර තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව දින 20 ක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප‍්‍රදර්ශනයක්ද පැවැත්වීමට කොටි ඩයස්පෝරාව සැලසුම් කර ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටියි.

– Divaina

Related posts

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

විදුලිය, ජලය, ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

ගාල්ලේ බූරු පොලකට පොලිසිය පනී.. බූරු ගසමින් සිටි කාන්තාවන් හතක් අල්ලයි

colombotoday

ශරීරයට අහිතකර වර්ණක අඩංගු සහල් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday