Colombo Today Local News

ජනමාධ්‍ය ජනපති යටතට… ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය චරිත හේරත්ට….

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මේ අතර ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් මහතා පත්කර ඇත.

Related posts

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday

කාදිනල් තුමත් ශ්‍රී දළදා මහ මළුවට එයි… අන්තවාදයට එරෙහිව සිංහල බොදු/කිතුණු, හින්දු, සියල්ල අත්වැල් බැදගනී…

colombotoday

නාගස්වත්තේ වරෙන්තුකරුවකු අල්ලන්න ගිය කොස්තාපල්වරයකුට පිහිපහරක්

colombotoday

යාපනයේ සුසාන භූමියකින් මතු වූ අධිබලැති පුපුරණද්‍රව්‍ය

colombotoday

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

colombotoday