Colombo Today Local News

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

පක්ෂ කිහිපයක් එක්ව ස්ථාපිත කල සම්මුතිවාදී ආණ්ඩුවකින් එක් පක්ෂයක් ඉවත් වූ විට අග්‍රාමාත්‍ය ධූරය පුරප්පාඩු වන බවට වගන්තියක් 19 වන ව්‍යවස්ථාවේ අන්තර්ගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ බලතල රැසක් 19 වන ව්‍යවස්ථාව යටතේ සංශා්ධනය කෙරුණු බවයි.

ජනාධිපතිවරයා පත් කල අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ඔප්පු වී ඇති හෙයින් සියලු පාර්ශව එය පිළිගෙන ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කල යුතු බවයි නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව තවදුරටත් උල්ලංඝණය කරන්නේ නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුලම අන්තර්ගත බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

 

Related posts

ආණ්ඩුවට එරහි විශ්වාසභංගයට සහය දීමට මහින්ද තීරණය කරයි.

colombotoday

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා හඳුනාගනී

Admin

තේරෙයි… හැබැයි කල් යයි… කල් යනකොට රහ දැනෙයි – අයවැය ගැන රවී කියයි

colombotoday

“රාජපක්ෂ යුගයේ රටට කුඩු ගෙන්නුවේ තොග පිටින්.. දේශපාලන රැකවරණත් ලැබුණා“ – සජිත්

colombotoday

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව තියෙනව – පාඨලී චම්පික

Admin

බැඳුම්කර මඟඩියේ බිලියන ගාණක් රටින් පන්නන සූදානම්

colombotoday