Colombo Today Local News

ජනපති ගෝඨාභයට රට පාලනය කරන්න ඉඩ දී මහින්ද දැන් විශ්‍රාම ගත යුතුයි – රතන හිමි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ.

කොළඹදී පැවති විජය ධරනී ජාතික සභාවේ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකරන ලදී.

පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ යෙදීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි බවද පැවසූ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලුත් නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ දී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත දේශපාලනයක නිරතවීමට පොහොට්ටුවේ නායකයා පමණක් වීමට කටයුතු කළ යුතු බවද පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු කර පැත්තකට කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසූ උන් වහන්සේ දෙවරක් ජනාධිපතිකම් දැරූ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කුරුණෑගල ගොස් ඡන්දය ඉල්ලීමේ කිසිදු උවමනාවක් දැන් නැති බව ද කීහ.

ඉදිරියේ බේබිලා රජ කරවීමට සූදානම් නැතැයිද පැවසූ උන්වහන්සේ පරණ සෙල්ලම නැවත ක්‍රියාත්මක වන්නේ නම් මෙම ආණ්ඩුව සමග කිසිම සම්බන්ධතාවයක් පැවැත්වීමට තමන් වහන්සේ සූදානම් නැති බව ද රතන හිමියෝ වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

Related posts

ජූනි 9 වැනි දා ජනාධිපති මන්දිරයේ සිදුවීම් ගැන පුරාවිද්‍යා විමර්ශනය අවසන්

colombotoday

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න… ඇමති ජෝන් කියයි

colombotoday

කොළඹ අයාලේ යන ගවයන්ට 13 වැනිදා සිට කරන දේ !

colombotoday

රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි – දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday

2028න් පසු ගුරු පත්වීම් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්ට පමණයි

Admin