Colombo Today Local News

ජනපති අද ජගත් සමුළුව අමතයි… ලොව හොල්ලන යෝජනාව සූදානම් !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25 දා) නිව්යෝර්ක් වේලාවෙන් සවස 4.30ට පමණ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

මෙවර සිවුවැනි වරට එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතන මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට අදාළ ප්‍රශ්නය විසඳා ගැනීමට තීරණාත්මක යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා ජනමාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ද ජනාධිපතිවරයා තමන් මෙවර එක්සත් ජාතීන්ට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන බව මුල්වරට අනාවරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුව මගින් සම්මත කරන ලද යෝජනා වෙනුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන නව යෝජනාවෙන් අලුත් විකල්පයන් ගණනාවක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත.

එල්.ටී.ටී.ඊ චූදිතයන්ටත්, හමුදා සාමාජිකයින්ටත් කඩිනමින් සාධාරණය ඉටුකළ හැකි අදහස් ජනාධිපතිවරයාගේ යෝජනාවට ඇතුළත් විය හැකි බවද නිව්යෝර්ක් නුවර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසා සිටියි.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනාව පසුව එ.ජා. මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මහතාටත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලට් මහත්මියට ද භාර දී එය ක්‍රියාවට නැංවීම ජනාධිපතිවරයාගේ අදහස බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Sriankan mirror

Related posts

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

colombotoday

මාගේ දැඩි උත්සාහය මත සාර්ථකත්වය අත්කර ගත්තා- මෛත්‍රීපාල සිරිසේන

colombotoday

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

කොළඹ ජාතික රෝහලේ ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව නිලධාරීන් 62කට කොරෝනා

colombotoday

සජබ උද්ඝෝෂණයට සහබාගි වූ අයෙක් අත්අඩංගුවට ගෙන මරා දැමූ බවට කියන කතාව අමූලික බොරුවක්

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්ෂයයේ සහය ගෝඨාට. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙට

colombotoday