Colombo Today Local News

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

ජනතාවට සහන රැසක් ලබා දෙන බවට මාස ගණනක් තිස්සේ සිට පාරම්බෑ අය වැය පාර්ලිමේන්තුවට ඊයේ දිනයේ ඉදිරිපත් කල අතර එම අයවැය මගින් ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු සදහා විසදුම් බලා දී නැති බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් පිළිබදව කිසිදු සදහනක් නොමැති මෙම අය වැයෙන් මුදල් ඇමතිවරයා සහන ලබා දී ඇත්තේ ගල් අරක්කු පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ට පමණක් බවත් ඒ අනුව, මුදල් ඇමතිවරයාගෙන් ඇසිය යුත්තේ මේ රටේ ජනතාවට තිබෙන එකම ගැටලුව ගල් අරක්කු මිල වැඩිවීම පමණක්ද යන්න බවත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා.

රන්ජිත් විතානගේ

දිනපතා අධිවේගී මාර්ගය භාවිතා කරනු ලබන විශාල පිරිසක් සිටින අතර අධිවේගී මාර්ග ගාස්තු වැඩි කිරීම මගින් සාමාන්‍ය ජනතාවට අධිවේගී මාර්ග භාවිතා කිරීම නවතා දැමීමට සිදුව ඇති අතර දුප්පතාගේ වාහනය වන ත්‍රීරෝද රථ මිල හා කුඩා කාර් රථ සදහා පනවනු ලද බදු මුදල් කිසිසේත්ම අනුමත කල නොහැකි බව එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

පරිසරය සුරකීම සම්බන්ධයෙන් වන යෝජනාව පමණක් අර්ථාන්විත වන අතර අනෙක් සියලු යෝජනා පාරිභෝගිකයාට එතරම් වැදගත් වන බවක් පෙනෙන්නට නැත.
මුද්‍රණ කඩදාසි සදහා වන බදු මුදල් අඩු කොට පුවත්පත් මිල ගණන් අඩු කරාවියැයි පාරිභෝගිකයා බලා පොරොත්තු විය. එහෙත් එසේ සිදුවූයේ නැත. අන්තර්ජාල ගාස්තු හා දුරකතන ගාස්තුද එසේමය.

කෙසේ වෙතත් එම සංවිධානය මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙසය.

Related posts

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday

මිනිසත්කම් ගිලිහුනු මිනිසුන් සිටින සමාජයට තවත් එක් හොද පාඩමක් පොලිස් නිළදරුවකුගෙන්

colombotoday

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

colombotoday

බෑණාගේ සමාගම ආදායම් බද්දටත් පොලු තියලා – බැදුම්කර කොමිසමේදී හෙළිවෙයි

colombotoday

ඔය රහත්වෙලා කියලා කියවන අයගෙ ඇඟට පොලඟෙක් දාලා බලන්නකෝ…. එතකොට රහත්ද කියලා බලාගන්න පුලුවන්…

colombotoday

මඩකලපු කම්කරු උසාවියේ විනිසුරු මොහොමඩ් ශියාන් අත්අඩංගුවට – අවුරුදු ගණනාවක් රියදුරුගේ වැටුප් හොරාට අරගෙන

colombotoday