Colombo Today Local News

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

එක්සත්  ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  (22) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියේ ය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.

,එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත් වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 25 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday

දිස්ත්‍රික්ක හතරකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

නියෝජ්‍ය කතානායකටත් ඉවත්වන ලෙස දැනුම් දෙයි?

Admin

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin