Uncategorized

ඡන්දහිමියෙකුට වැයකළ යුතු වියදම් සීමාව මෙන්න

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක් වන බව සඳහන්ය.

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි වන අතර ඊට අමතරව ඉතිරි සියයට 40 හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිශන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතුයි.

එම වාර්තාව සැකසීමේ දී ප්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

නියමිත දිනයට අදාළ වාර්තාව භාරනොදීම හෝ වාර්තාවල දෝෂ සහිත වීම නීතීවිරෝධී ක්‍රියාවක් වන වරදක් සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය අසාද් සාලිට ?

colombotoday

“සහරාන් හමුවීම වරදක් නොවේ, මා කටයුතු කළේ බුදුන් වහන්සේ වගෙයි” – හකීම් කියයි

colombotoday

එජා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරයි. | ශ්‍රී ලංකා රජය ලිඛිතව දන්වා යවයි.

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday