Colombo Today Local News

ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගනියි. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකුත් ඉල්ලුම් කරයි

පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළ බව අද (31) දිවයින පුවත්පත වාර්තා කර ඇත. එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බවද හෙතෙම සඳහන් කර ඇත.

බොහෝ දෙනා නොයෙක් ප‍්‍රකාශ සිදු කළද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු බාධාවක් නොවූ බවත් හෙතෙම පැවසීය. මේ වන විට තමා ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කර ඇති බව හෙතෙම කීය. ජනාධිපති මැතිවරණයේ අභියෝගය භාර ගැනීමට තමා සුදානම් බවත් රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

Related posts

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

මංගලගෙන් සජිත් පිලට කුණු බැණුම්, අමු අන්තවාදීන් පිරිසක් යයි කියයි..

colombotoday

පුරප්පාඩු දහස් ගණනක්! උපාධිධාරීන් තවමත් මහමග

colombotoday

“ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ” – ආරක්ෂක රාජ්‍ය ඇමති තුර්කියේදී කියයි

Admin

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

colombotoday

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday