Uncategorized

ගෝඨාගේ පුරවැසිභාවය තීන්දුවට අභියෝග කර, ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර ශ්‍රේෂ්ඨාධිකරණයට

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමට ලබාදුන් තීන්දුව නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ගොනු කර තිබේ.

එමගින් ඔවුන් පවසන්නේ පසුගිය 4 වන දා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිය පෙත්සම ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගය නීතියට පටහැනි බවයි.

එබැවින් එම නියෝගය නිශ්ප්‍රභ කර අභියාචනාධිකරණයෙන් තමන් ඉල්ලා සිටි සහනය ලබා දෙන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්

colombotoday

නවතම බුද්ධී වාර්තවෙන් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභයට… සජිත් තකහනියේ ජාතිය ඇමතුවේ එනිසයි !

colombotoday

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

Admin

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක්

Admin

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin