Colombo Today Local News

ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක්.. ස්ථාන කිහිපයකම සංචාරය කරලා

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු සහ ඔහු සමඟ ගමන් ගත් රියදුරෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

රියදුරා වශයෙන් කටයුතු කළ ආසාදිතයා පසුගියදා ගම්පහ අධිකරණයේ පැවති නඩුවකටද සාක්ෂි ලබාදී ඇති බව හෙළිවී තිබේ.

පසුව තම බිරිඳ සමඟ මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති අතර ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකම සංචාරය කර ඇත.

ඔහු සාද කිහිපයකට ද සහභාගි වී ඇතැයි ද හෙලිව තිබේ.

උපදේශකයෙකු වන අනෙක් ආසාදිතයා ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර දානමය පිංකමකටද සහභාගී වී ඇත.

ඔවුන්ගේ සමීප ආශි‍්‍රතයන් සියළු දෙනා මේ වනවිට ස්වයං නිරොදායනයට යොමු කර තිබේ.

Related posts

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

මහින්දගේ චීන ගනුදෙණු ගැන රහස් පොලීසිය විමර්ශන අරඹයි…

colombotoday

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

Admin

ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන්

Admin

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

colombotoday

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday