Colombo Today Local News

කෝප් කමිටුවේ සභාපතිකම ඇමතිවරුන්ට නෑ. මන්ත්‍රීවරුන්ට පමණයි. – ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

copeපොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරකසභාවේ සභාපති ධුරයන් සඳහා අමාත්‍ය ධුර දරන කිසිවකුත් පත් නොකරන බව ආණ්ඩුව අවධාරණය කරනවා. පැවැති ආණ්ඩුව අදාල තනතුරු සඳහා අමාත්‍යවරුන් පත්කිරීම හේතුවෙන් එහි ස්වාධීනත්වයට දැඩි බලපෑම් සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළා. එබැවින් පැවැති ආණ්ඩු සමයේදී කෝප් කමිටුවෙන් අපේක්‍ෂා කළ කාර්යභාරය ඉටු නොවුණු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. කෝප් කමිටු සාමාජිකයන් පත්කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණට වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවට පිවිතරු හෙළ උරුමයෙන් එල්ලවූ චෝදනාවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රතික්‍ෂේප කළා.

Related posts

පූගොඩ පොලිසියේ හිටපු OIC රක්ෂිත බන්ධනාගරයට

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

Admin

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday