Colombo Today Local News

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 5000 ක් වටිනා ප‍්‍රමිතියෙන් තොර බාල පිළිකා ඖෂධ මිලදී ගැනීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 

 මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වන විට වසර 15 කට බලපැවැත්වෙන පරිදි ගිවිසුමක් අත්සන් කිරීමට යන බවත්, ජනාධිපතිවරයා එ් සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා ‘දිවයින’ට ඊයේ (07දා) පැවසීය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය හා විගණකාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවද ඔහු කීය. 

 මෙම අත්සන් කිරීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද ජනාධිපතිවරයා දැැනුවත් කර ඇතැයි එ් මහතා කීය. ඖෂධයක් මිලදී ගැනීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු නමුත් රුසියාවෙන් ගෙන්වීමට යන ඖෂධ සඳහා එවැනි අනුමැතියක් ලබාගෙන නැතැයිද එ් මහතා කීය.

 මෙම ඖෂධය මිලදී ගැනීම සඳහා යෝජිත ගිවිසුමට අත්සන් කළහොත් රජයට සිදුවන රුපියල් කෝටි 5000 ක ආර්ථික පාඩුවට අමතරව ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, වසර 15 ක් යනතෙක් කිසිදු රජයකට ප‍්‍රමිතියෙන් තොර නව ඖෂධයක් මිලදී ගැනීමට නොහැකිවීම, (මෙම ඖෂධය අත්හිටුවනු ලැබුවහොත් වන්දියක් ගෙවීමට සිදුවීම නිසා) ඇතුළු ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවන බවද අලූත්ගේ මහතා කීය.

 රුසියාවෙන් ගෙන්වන පිළිකා ඖෂධ අතර මේවන විටත් පියයුරු පිළිකා සඳහා ගෙන්වන ඖෂධය ප‍්‍රමිතියෙන් තොරවීම නිසා පිළිකා රෝග විශේෂඥයන් රැසක් එම එන්නත රෝගීන්ට ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වී තිබෙන බවත් එ් මහතා වැඩිදුරටත් කීය.

Related posts

“මට සරුවාංගයක් තියෙනවා, මධ්‍යම ස්නායු පද්ධතියක් තියෙනවා.” – කොන්දේසි ගැන සජිත් කියයි

colombotoday

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday

ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Admin

තෙල් හිගයක් නැ කිව්ව ඇමති ජොන්ස්ටනුත් පෝළිමේ

colombotoday

කොවිඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරක පිරිස දිවයිනට

Admin

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

Admin