Colombo Today Local News

ණයක් ගන්න කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකාවේ විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මුල්‍යනය කිරීම සඳහා අරමුදල් සපයා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ප්‍රතිපත්ති මත පදනම් වූණය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ලබා දීමට එම ආයතනය විසින් එකඟතාව පළ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද මෙම ණය ලබා ගැනීම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එම අරමුදල් වැඩ සටහනේ පරාමිතීන්ට අනුකූල වන බවට තහවුරු කර ඇත.

ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

හාල් ඇටයක් ගේන්නේ නෑ කිවුවට හිඟයක් ආපු නිසා ගේන්න වුනා

Admin

නිරෝධායන නීති කඩකරන්නන් ඔසවාගෙන යාම තහනම්

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

කොවිඩ් අවදානම නිසා දඹදිව වන්දනා චාරිකා තවකාලිකව අත්හිටුවයි

colombotoday