Colombo Today Local News

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම්

සාමාන්‍ය එන්නතක් අතික්‍රමණය කරන කොවිඩ් වෛරසය 100% සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම් නිශ්චිත විද්‍යාත්මක ඖෂධය සොයාගැනීම කැලිෆෝනියාවේ වාර්ථාවේ.කැලිෆෝනියාවේ ජෛවඖෂධ පර්යේෂණ සමාගමක් කොරොනාවෛරසය 100%ක්ම නිෂ්ක්‍රීය කරමින් සිරුරු ගත කරන ප්‍රතිදේහයක් සාර්ථකව උත්පාදනය කරයි. දින 4 කින් වෛරසය සිරුරෙන් ඉවත් කර සිරුර මුළුමනින්ම වෛරසයෙන් සෝදා හැරීමට මෙම ඖෂධය පැහැදිලිවම සමත් යැයි සමාගම ප්‍රකාශ කරයි.

මෙවන් “ප්‍රතිදේහ” ඖෂධයක් ලොව පළමු වරට නිවේදනය කළ අවස්ථාව මෙයයි.

වෛරසය වැළඳුනු කෙනෙකුව සුවකිරීම සඳහා විදින එන්නතක් මෙන් නොව මෙය නීරෝගී පුද්ගලයෙකුට ලබාදීමෙන් වෛරසය 100% නිෂ්ක්‍රීය කරන ප්‍රතිශක්තියක් ඇති කර, ඉන්පසු පුද්ගලයන්ට නිරුපද්‍රිතව සමාජ දුරස්ථභාවයක් විරහිතව සමාජයේ ගැවසීමට අවකාශ ලබා දේ.!

වෛරසය අපගේ සිරුර ආක්‍රමණය කරන්නේ ශරීර ගතවීමෙන් පසු අප තුල ඇති සෛල තුලට ඇතුල් වීමෙනි. අපගේ සෛල වලට ඇතුල්වීමට සෛලවල ඇති ACE2 නම් එන්සයිමය වෛරසය භාවිතා කරයි. කොරොනාවෛරසය වටා ඇති කටු/උල් මගින් සිරුරේ සෛලයට අමුණාගන්නේ මෙම එන්සයිමයට අනුගත වෙමිනි. නව ඖෂධය විසින් වෛරස් කටුව ශෛලයට ඇමිණීම වළකා ලීම සඳහා ප්‍රතිදේහ මගින් වෛරසයේ කරු/උල් වටලා “බදා ගනිමින්” සෛලයේ එන්සයිම හා එක් වීම 100% වළකා දමයි.

වෛරසය සුව කිරීමට එන්නතක් නිපදවීමට මාස 18 ක් පමණ බලා සිටීමට සිදුවී ඇති අතර එම එන්නත් මෙන් නොව මෙම ඖෂධය ඊට වඩා කෙටි කාලයකින් නිශ්පාදනය කළ හැකි බව සොරෙන්ටෝ තෙරැපියූටික්ස් දන්වයි.!

Related posts

මැතිවරණයට කලින් ගෝඨාට මොනව වෙයිද දන්නෙ නෑ, තවත් නඩුවක් දානවා – ජෝන්

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

colombotoday

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

colombotoday

“ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා.. ඔවුන්ට කරන දේ ගැන අපි සාකච්ඡා කරනවා” – චන්ද්‍රිකා

colombotoday

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin