Covid 19

කොවිඩ් දෙවැනි රැල්ලට මාසයයි. | සංවර්ධන නිලධාරීන්ට දී ඇත්තේ එක මුව ආවරණයයි.

කොවිඩ් – 19 වයිරසය දැඩි ලෙස පැතිරී ඇති ප්‍රදේශවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ප්‍රමාණවත් ලෙස ලබාදී නැතැයි සංවර්ධන නිලධාරී සේවා සංගමය චෝදනා කරයි. එමනිසා මුව ආවරණ ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ කඩිනමින් ලබාදෙන්නැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරිගෙන් පෙරේදා (3 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ප්‍රධාන ලේකම්වරයා එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව කළ හැක්කේ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් වන අතර ඔවුන් මෙම වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු නොකළහොත් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටිය හැකි බවයි.

කොවිඩ් – 19 වයිරසයේ දෙවැනි රැල්ල ආරම්භ වී මාසයකට අධික කාලයක් ගතවී ඇතත් සංවර්ධන නිලධාරීන් සඳහා මේ තාක් ලබාදී ඇත්තේ එක් මුව ආවරණයක් බැගින් පමණක් බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.

Related posts

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි

colombotoday

තහවුරු වූ තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්..

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday