Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

නව කොරෝනා වෛරසයට ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිට දින තුනක කාලයක් සක්‍රියව පැවතිය හැකි බව නවතම අධ්‍යනයකින් සොයා ගැනීමට හැකිවූ බව New England Journal of Medicine සඟරාවේ වාර්තාවක් පළ කරමින් විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී 2002 වර්ෂයේදී පැතිර ගිය SARS-CoV-1 හෙවත් සාර්ස් වෛරසය සමඟ කොරෝනා වෛරසය සංසන්දය කිරීමට කටයුතු කර තිබෙනවා.තිබෙනවා.

මෙහිදී විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට තඹ මත පැය 04ක කාලයක්, කාඩ්බෝඩ් මත පැය 24ක කාලයක්, ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිටවල් මත පැය 72 ක කාලයක් පැවතීමේ හැකියාව ඇති බවයි.

ඊට අමතරව කොරෝනා වෛරසයට කුඩා ජල අංශු මෙන් වාතයේ පැය තුනක කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ඇති බවයි.

කොරෝනා වයිරස් යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන වෛරස් සමූහයකි. විද්‍යාඥයින් විසින් මෙය සත්වෝද්‍යාව (zoonotic) ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඒවා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි.

පර්යේෂකයන් ගණන් බලා ඇති පරිදි කොරෝනා වෛරසයට පැය කිහිපයක් සිට සතියකට වඩා වැඩි කාලයක් අවට පරිසරයේ රැඳී සිටීමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත්තේ.

පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිලිබදව වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කලේ සාර්ස් සහ කොරෝනා වෛරසය වැනි වෛරස් ප්ලාස්ටික්, මළ නොබැදෙන වානේ මත සහ පරිසරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂකයින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.

Related posts

දිවයින පුරා තැපැල් සේවකයින් අදත් සංකේත වැඩවර්ජනයක..

Admin

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මතකරගන්න ඕන“ – වික්‍රමබාහු කියයි

colombotoday

ඩොලරයේ අද මිල

Admin

මුහුණ වසාගත් කල්ලියකින් යාපනේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

colombotoday

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

ගෝලීය උණුසුමෙන් ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයට අභියෝගයක්!

Admin