Colombo Today Local News

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

කොරෝනා වයිරස වසංගතය ගෝලීය වශයෙන් පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් මහතා පවසයි.
 
පසුගිය කාලයේ වයිරසය පැතිර ගිය රටාව සම්බන්ධයෙන් කළ අධ්‍යයනයට අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව තිබුණි.
 
සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබුණේ දින 4ක් ඇතුළත යැයි ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා  පෙන්වා දෙයි.
 
 ඒ අනුව ගොලීය වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සාමාජික රාජ්‍ය වහා කටයුතු කළ යුතුව ඇතැයිද හෙතෙම අවධාරණය කර සිටී.

Related posts

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි | පැෆ්රල් සංවිධානයත් කැදවයි

colombotoday

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday

ලෙඩ ඇදේ සිටි එල්ලාවල මේධානන්ද නාහිමියන්ගෙන් ජාතියට පණිවිඩයක් !

colombotoday

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Admin

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday