Colombo Today Local News

කොරෝනා මර්දනයට චීනයෙන් දුන් මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි

කොවිඩ් 19 වසංගතය මර්දනයට චීනයෙන් ලැබුණු මුදල්වලට සිදු වූයේ කුමක්දැයි ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. මාර්තු මාසයේදී චීනයෙන් ඩොලර් බිලියන 500ක්ද ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 90ක්ද චීනයෙන් අප රටට ලැබුණු බව පවසන ඒ මහතා එම මුදල්වලට සිදු වූයේ සුනාමි ආධාර මුදල්වලට සිදු වූ දේ දැයි නොදන්නා බවත් කීය.

සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (03)දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 පාලනය කිරීමට අසමත් වූ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වහාම ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට වැඩක් කළ හැකි සුදුසු අයකු සෞඛ්‍ය ඇමැති ලෙස පත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විජයවර්ධන මහතා පැවසීය.

Related posts

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

“කැලෑ කපද්දි.. පස් කපද්දි අල්ලන්නැති උන්ට හෙණ ගහපං“ – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

දුරකථන සේවා විසන්ධි කරන්න එපා – විදුලි සංදේශන කොමිෂන් සභාව දන්වයි

colombotoday

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

colombotoday