World

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ නරකම තත්ත්වය තවමත් උදාවී නැති බවටත් අගුළු දැමීම ඉවත් කරන රටවල් පවා රෝගයේ අවදානමට ලක්විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් වැදීමට ශරීරයේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2-3ක් තරම් අඩුපිරිසකට බවයි.

ජර්මනිය, ඩෙන්මාර්කය, නවසීලන්තය වැනි රටවල් මෙන්ම ඇමරිකාවද දැනට තම රටවලට පනවා ඇති අගුලු දැමීම ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටී.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්​නේ මෙම පියවර ඔස්සේ ‘මාරාන්තික පුනර්ජීවනයක්’ (Deadly Resurgence) ඇති විය හැකි බවයි.

ටෙඩ්‍රොස් ඇඩනොම් වැඩිදුරටත් පවසන්නේ ‘සීමාවන් ලිහිල් කිරීම කිසිදු රටක වසංගතයේ අවසානය නොවන බව නැවත අවධාරණය කිරීමට අපව අවශ්‍යය’ යනුවෙනි.

‘අගුලු දැමීම තුළින් වසංගතය හේතුවෙන් රටක උද්ගතව ඇති උණුසුම්කාරී වාතාවරණය ඉවත් කළ හැකිය. එහෙත් ඔවුන්ට තනිව වෛරසය අවසන් කළ නොහැකිය.

සෑම සිද්ධියක්ම හඳුනාගැනීමට, පරීක්ෂා කිරීමට, හුදෙකලා කිරීමට සහ රැකබලාගැනීමට මෙන්ම සෑම සම්බන්ධතාවයක්ම සොයා ගැනීමට රටවල් කැපවිය යුතුය.’ යනුවෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත.

Related posts

තබ්ලිගි ජමාත් සහ එහි මුලස්ථානය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරාෂාද් සංවිධානය ඉල්ලා සිටියි.

colombotoday

පාකිස්ථානයේ දේශපාලන රැළියක බෝම්බ පිපිරීමකින් 39ක් මරුට..

Admin

නත්තලට සටන් විරාම නැහැ.. යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප කරයි

Admin

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday