ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛරසය ආසාදනය වූ 324 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
සුවය ලැබූ 118 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 7ක්.
අද දිනයේ මේ දක්වා වෛරස් ආසාදිතයන් 29 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිරිසක් සහ නාවික හමුදා සෙබලුන් පිරිසක් ද ඊට අයත්.