Colombo Today Local News

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලමක්
ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

උත්තරානන්ද මාවත හා විනිසුරු අක්බාර් මාවත හරහා දුම්රිය මාර්ග පිහිටා තිබීම හේතුවෙන් කාර්යබහුල වේලාවන්හි දී දැඩි රථවාහන තදබදයක් ඇති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම තත්ත්වය පාලනය සඳහා ගුවන් පාලමක් ඉදිකර එක් දිශාවකට ගමන් කරන රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබේ.

ඒ යටතේ ගුවන් පාලම් 3ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related posts

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

colombotoday

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

colombotoday

උද්ඝෝෂණ, විරෝධතා මඩින්න සුනඛයන් කැදවයි !!

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday