සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල රැස්වීමට නොපැමිණියේ සෙනග නොමැති නිසා බවත් පොහොට්ටුවේ නගරාධිපති විදුලිය විසන්ධි කල බවට අභූත චෝදනා නගමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
විදුලිය විසන්ධි කලානම් ඊට වගකිවයුතු නිලධාරීන් තිදෙනාම සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදි. විදුලිබල ඇමති රවී කරුණානායක හෝ රැස්වීම පැවති ක්‍රීඩාංගනය අයත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෝ ක්‍රීඩාංගනය භාර නිලධාරියා වන රාජ්‍ය අමාත්‍ය අශෝක් අඹේසිංහගේ මස්සිනා යන තිදෙනාගෙන් එක් අයෙකු එජාපය සිදුකරන චෝදනාව සත්‍යයනම් මෙම විදුලිය විසන්ධි කිරීම පිටුපස ඉන්නට ඇති බව මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.