Colombo Today Local News

කැම්පස් ළමයි අන්දන අලුත්ම පිරමීඩ් ජාවාරම

අවුරුදු ගානකින් කතා කරල නැති යාලුවෙක් කතා කරද්දි අපිට හිතෙන්නෙ අඩෝ මූට මාව මතක් වෙලා යාලුකමට තමයි, මූ නම් එල කොල්ලෙක් කියලා…ඔව් ඌට අපිව මතක් වෙලා තමයි…ඒත් යාලුකමකට නම් නෙමෙයි…

මේ වගේ පහුගිය මාසෙ වගේ ඇතුලත ගොඩ දෙනෙක්ට එහෙම මාව මතක් උනා…බහුතරය ළඟදි කැම්පස් සිලෙක්ට් උනු කොල්ලො තමයි… 

පුදුම වැඩේ කියන්න කොහොමද මචං මොකද වෙන්නෙ කියල අහපු ගමන් මුං බහින්නෙ වෙනම ටොපික් එකකට…මං අලුතෙන් බිස්නස් එකක් පටන්ගත්තා මචං…අරමයි මෙහෙමයි…මං දැනටම මාසෙට සෑහෙන ගානක් හොයනවා… උඹත් කැමතිද ජොයින් වෙන්න අහනවා… 
අරූ දැන් හෙන කුතුහලේ ඇති කරල තියෙන්නෙ මට… මාත් ඉතින් ඒ ගැම්මටම අහනව මොකක්ද මචං වැඩේ කියලා… පුදුම වැඩේ කියන්නෙ මුං එකෙක්ටවත් “මේක මෙහෙම කියන්න බෑ මචං” වෙන එකයි… යකෝ බිස්නස් අයිඩියා එකක් තියෙනව නම් ඒක ඉලවේටර් පිච් එකකින් කියාගන්න පුලුවන් වෙන්න ඕනෙ… කොහොම කොහොම හරි මුං අපිව “පොඩි වැඩසටහනකට” ගෙන්න ගන්න තමයි දත කන්නෙ…

“මූව අන්දන්න පුලුවන්ද… මූව අන්දන්න පුලුවන්ද?” කියල හිත හිත චැට් ලිස්ට් එකේ පල්ලෙහට යද්දි මාව අන්දන්න පුලුවන් කියල හිතාගෙන මට චැට් කරේ කියල මම දන්නව මචං… අපි ඉතින් මොකුත් දන්නෙ නෑ වගේ හිටියට එලියෙ වෙන දේවල් ගැන සෑහෙන මීටරෙන් ඉන්නෙ… ” මේක මෙහෙම කියන්න බෑ මචං… පොඩි වැඩසටහනක් තියෙනවා… ඒකෙ ඔක්කොම මුල ඉදන් කියල දෙනවා… එක පාරට කිව්වට උඹට තේරෙන්නෙ නෑ” කිව්ව ගමන් ඉතින් දන්නව ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න අපිව මමියක් කරල පිරමීඩෙක හිර කරන්න තමයි කියලා…

දැනගන්න ලැබුනු විදිහට මෙහෙම කට්ටිය සෙට් කරල “පොඩි වැඩසටහනට” ගෙන්නල දෙනවට එයාලට ගානක් හම්බ වෙනවා…එක එක වෙස් මූණු දාන් එනව ඉතින් එයාල කට්ටිය හොයන්න…

මට කතා කරපු කොල්ලො ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවනෙ…උඹලත් මේක දකිනවනෙ…උඹලට කියන්න තියෙන්නෙ තරහ වෙන්න එපා මචං… සීන් එක දන්න නිසා කෙලින්ම බෑ කිව්වා…සමහරවිට උඹලත් ගොනාට ඇඳගෙන ඉන්නව ඇත්තෙ… ඒත් උඹල කියල මෝඩයෝ නෙමෙයිනෙ…මට කතා කරපු කොල්ලො ඔක්කොම නම් කැම්පස් සිලෙක්ට් උනු උගත් බුද්ධිමත් උන්…උඹලම හිතල තේරුම් ගනින් මේ කරන වැඩේ හරිද කියල…කවදාවත් තව එකෙක්ව වලකට ඇදල දාල සල්ලි හොයන්න එපා…උඹලට පව් මචං…

කියන්න තියෙන්නෙ…තරහ නෑ උඹල එක්ක…සාධාරණ ලස්සන බිස්නස් අයිඩියා එකක් අරගෙන වරෙන්…අනිවාරෙන් සෙට් වෙනව වැඩේට…එහෙනම් ඉතින් ජයවේවා! 

රන්සර විජේසුන්දර

Related posts

ඇල්පිටියේ සියලුම කොට්ඨාස පොහොට්ටුවට !

colombotoday

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර පත් අදාළ පොලිස් ස්ථානයෙන්

colombotoday

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday