Colombo Today Local News

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

ඉදිරි දැක්මක් සහ සැලැස්මක් නැතිව ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කරන බව ඇමති රවී කරුණානායක පවසනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණයක් අවුරුදු දහයකට 7.85% ක පොලී අනුපාතයකට ලබාගැනීමට ඉදිරිපත් කර ඇති බවත් මේ අවස්ථාවේදීම මැලේසියාව 3.87%, තායිලන්තය 2.51%, වියට්නාමය 4.78% සහ ග්‍රීසිය 3.84% පොලි අනුපාතයකට වසර 10කට ලබාගෙන තිබෙන බවත් මීට අවුරුදු කිහිපයකට පෙර 5%කට වඩා අඩු පොලි අනුපාතයකට ශ්‍රී ලංකාවට ලබාගැනීමේ හැකියාව තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.

මහ බැංකුව ගන්නා සමහර තීරණ හේතුවෙන් සංවර්ධනය අඩාල වෙන බවත් වැරැද්ද කවුරු කලත් වැරදි බවත් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

Related posts

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

නාමල් හෙට උදේ ගෙයින් ගෙට කැන්වසින් පටන් ගනියි.

Admin

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

Admin