Colombo Today Local News

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

රත්නපුර, කරංගොඩ ප්‍රදේශයේ දී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එහිදී සැකකරු සතුව තිබී බෝර 12 ගිනි අවියක්, එම වර්ගයේ සජීවි උණ්ඩ 04ක් සහ ජීව අත්බෝම්බ 02ක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කරංගොඩ ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15)දින රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්නපුර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

සඟවා තිබූ සහල් විශාල ප්‍රමාණයක් අල්ලයි

Admin

වෛද්‍ය සේවා වෘත්තිය සමිති 16ක් එක්ව ආරම්භ කල වැඩවර්ජනය අවසන්

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

ඉන්ධන මිල සංශෝධනය අද

Admin

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී විශේෂ විභාගයක්…

colombotoday