Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අන්තවාදීන් සුරතල් කල් කර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ අන්තවාදී සහරාන් කල්ලිය ගැන කිසිදු ප‍්‍රකාශයක් නොකළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමද් ෂහීද්, බෞද්ධ භික්ෂුව රටේ නීතිය බිඳ දමන බවට චෝදනා කර ඇත. එහෙත් පොලිසිය එම භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව ක‍්‍රියා නොකරන බවද හෙතෙම කියා සිටී.

 මෙරටින් පිටත්ව යෑමට පෙර අහමද් ෂහීද් තවදුරටත් පැවසූවේ බෞද්ධයන් සුළු පිරිසක් සිටින ස්ථානවල බුදු පිළිම සහ විහාරස්ථාන ඉදිකිරීමට රජය ඉඩ දී ඇති බවයි.

 මෙම එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් සහ කාදිනල්තුමා හමු වී සාකච්ඡුා කිරීමෙන් වැළකී ඇත.

 ඒ වෙනුවට ඔහු මුස්ලිම් ආගමික නායකයන් හමු වී ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන තිබේ. 

 දින 11 ක් තිස්සේ මෙරට නතර වී සිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මාවනැල්ලේ බුදුපිළිම කැඞීම සහ මීගමුවේදී ක‍්‍රිස්තියානි ප‍්‍රතිමාවකට ගල් ප‍්‍රහාර එල්ල කිරීමට අදාළ තොරතුරු සිය වාර්තාවට ඇතුළත් කර නැත.

 මෙම එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සිය වාර්තාව ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday

තෙල් මිල සූත්තරෙන් පාසල් සේවා බස් ගාස්තුවත් නගී….

colombotoday

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

දකුණ, කටුනායක, පිටරවුම් අධිවේගී මාර්ග තුනම චීනයට විකිණේ.. කැබිනට් පත්‍රිකාව මේ සතියේ

colombotoday