Colombo Today Local News

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

ජමීයතුල් උලමා සංගමයේ සභාපති අෂ්-ෂේයික් රිස්වී මුෆ්ති මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එන්.කේ.ජී.කේ. නම්මවත්ත මහතා විසින් ඔහු වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාල ලිපියේ සඳහන් පරිදි , පසු ගිය 21වනදා සිදු වු ප්‍රහාර මාලාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයින් එක්ව සිදු කළ සාකච්ඡාවකදි ජමීයතුල් උලමා සංගමයේ සභාපති අෂ් – ෂේයික් රිස්වී මුෆ්ති මහතා පවසා ඇත්තේ අයි.එස්.  ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ ශ්‍රී ලංකිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව තම සංගමය විසින් ආරක්ෂක අමාත්‍යවරයා වෙත 2015 වසරේ දී දැනුවත් කර ඇති බවයි.

නමුත් ආරක්ෂ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට මේ සම්බනධයෙන් තොරතුරු ඇතුළත් කිසිඳු ලියවිල්ලක් ලබා දී නොමැති බව දන්වමින් අමාත්‍යංශ ලේකම් එන්.කේ.ජී.කේ. නම්මවත්ත මහතා, ජමීයතුල් උලමා සංගමයේ සභාපති අෂ් – ෂේයික් රිස්වී මුෆ්ති මහතා වෙත ලිපියකින් දැනුම් දී ඇත.

තමන් කළ ප්‍රකාශ නිවැරදි කරන ලෙසත් එසේ නොකලහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ඔහු එම ලිපියෙන් ජමීයතුල් උලමා සංගමයේ සභාපති අෂ් – ෂේයික් රිස්වී මුෆ්ති මහතා වෙත දැනුවත් කර ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යවන ලද ලිපිය පහතින් දැක්වෙයි.

Related posts

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..

colombotoday

ජපන් ආයෝජකයන් හමුවූ ගෝඨාභයගෙන් රට වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

අභිරහස් ඉන්ධන මිල සූත්‍රයෙන් බස්, පාසල් වෑන්, ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට.. දුම්රිය ගාස්තුවත් වැඩි කිරීමට අනුමැතිය

colombotoday

රාජ්‍ය ආයතනවල රැස්වීම් මින්පසු හෝටල්වල බෑ…

colombotoday

රට පුරා කඩ සාප්පු වැසේ… කළු කොඩි එසවේ…. බස්, ත්‍රීරෝද රථ වර්ජනයේ…

colombotoday