Colombo Today Local News

උතුරේ විපතට පත්වූවන්ට කඩිනමින් වන්දි ගෙවීමට අගමැතිගෙන් උපදෙස්

කිලිනොච්චිය ප්‍රදේශයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත වන්දි ලබාදීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

විපතට පත් ජනතාව වෙත තවදුරටත් කඩිනමින් සහන අඛණ්ඩව සපයන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

කිලිනොච්චිය ප්‍රදේශය ආශ්‍රිතව පවතින ආපදා තත්ත්වය නිරික්ෂණය කිරිම සදහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.

එම සංචාරයෙන් අනතුරුව රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව විශේෂ වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

මේ අවස්ථාවේ සිය ශක්ති ප්‍රමාණයෙන් ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍යවරයා පුද්ගලික අංශය වෙතින් ද ඉල්ලීමක් කර තිබේ.

Related posts

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday

මගුලකට බලෙන් පැන, කා බී කාන්තාවන්ගේ අගපසග මිරිකන්න ගිහින් පදමට ගුටි කෑ තෙවරප්පෙරුම ඇමති දැන් කියන කතාව

colombotoday

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

colombotoday

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin

පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday