Colombo Today Local News

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නවලෝක රෝහලට

uduwe_dammaloka_thero

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අද (13) රාත්‍රියේ හදිසියේම නවලෝක රෝහලට ඇතුලත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත මෙන්තුවේ නිලධාරීන් පිරිසක් උන්වහන්සේව අත්අඩංගුවට ගැනීම සදහා රෝහල වෙත ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සදහා උන්වහන්සේට එල්ලවී ඇති චෝදනාව වන්නේ බලපත්‍ර නොමැතිව අලි පැටවුන් ළග තබාගැනීමේ චෝදනාවයි.
මේ අතර අද (13) රාත්‍රී 9.45ට විතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් උන්වහන්සේ බැහැදැකීමට රෝහලට පැමිණ සිටියා.

රාත්‍රී 10 වනතුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රෝහල අසල රැදී සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සදහන් කලේ. මේ පිලිබදව වැඩිදුර තොරතුරු colombotoday.com ඔස්සේ බලාපොරොත්තු වන්න….

Related posts

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

colombotoday

දයාසිරි බැදුම්කර සමාගමෙන් මිලියනයක් අරන්.. රථ ගාලේදී සල්ලි දුන් හැටි බොඩිගාඩ් හෙළිකරයි

colombotoday

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

colombotoday

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටු වූ බදුල්ල මහා නගර සභාව යළි සක්‍රිය කෙරේ

colombotoday

සිංහලයෙකු සමග විවාහවූ කාන්තාවකට ෂරියා නීතිය ක්‍රියාත්මක කල අටළුගමදී පල්ලිය වීඩියෝ කල මාධ්‍යවේදියෙකුටත් පහර දෙයි

colombotoday