ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් සිරියාවේ සිවිල් වැසියන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ලෙබනන් ගුවන් සීමාව තුළ සිට සිරියාවේ ඩැමස්කර්ස් අගනගරය ආසන්නයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.