Colombo Today Local NewsTop Stories

ඉස්ලාමයට අපහාස කළ බව සඳහන් කරමින් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ලාංකිකයින්ගේ නඩු තීන්දුව 22 වැනිදා

ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකළ බවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා  ප්‍රකාශයට පත් කිරීමට ඩුබායි අධිකරණය ඊයේ (11) නියම කළ බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ලාංකිකයින් තිදෙනාට එරෙහිව එම නඩුව ඩුබායි  අධිකරණය හමුවේ ඊයේ (11) සලකා බැලූ අතර එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තබා ඇති බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

නඩුව අද දිනයේ කැඳවූ අවස්ථාවේ ඉස්ලාම් ආගමට අපහස කළ බවට එල්ල වන චෝදනා සැකකාර ශ්‍රී ලාංකිකයින් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් එරට අධිකරණයට හමුවේ වැඩිදුරටත් කියා සිටියේ තම රට තුළ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවයි.

කරුණු සලකා බැලූ ඩුබායි අධිකරණය අදාළ නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා  ප්‍රකාශයට පත්කිරීමට දින නියම කළේය.

ඩුබායිහි සුපිරි හෝටල් සංකීර්ණයක ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි මොවුන් තිදෙනා ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිය ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර ඇති බවට එම හෝටලයේ සේවකයින් විසින් පසුගිය මැයි මාසයේදී එරට පොලිසියට පැමිණිලි කර තිබුණි. 

ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානවල තිබී ඔවුන්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් යන්ත්‍ර ද විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබූ බව සඳහන්ය.

පසුව මොවුන්ට එරෙහිව පොලිසිය ඩුබායි අධිකරණය හමුවේ මෙලෙස නඩු පවරනු ලැබීය.

Related posts

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday

අන්ඳ ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට පැමිණි ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් අත්අඩංගුවට නොගැනීම: බස්නාහිර DIGට නොතීසි

colombotoday

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

colombotoday

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්න. DIG නාලක ද සිල්වා මහසෝන් අමිත්ට බල කරලා

colombotoday

ජනපතිට හූනියම් කල අය සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday