Covid 19World

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් දැඩිලෙස පිඩා විදි යුරෝපයේ රටවල් කිහිපයක යලිත් වෛරසයේ ව්‍යාප්තවීමේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බව වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව කොරෝනා ආසාදිතයින් 9,779ක්, ප්‍රංශයෙන් රෝගීන් 7,379ක්, ඉතාලියේ 1,462ක්, ජර්මනියේ 1,549ක් සහ බ්‍රිතාන්‍යයේ රෝගීන් 1,276ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

මේ අතර පිට පිට තෙවන දිනටත් අමෙරිකාව දෙවැනි තැනට දමමින් දෛනිකව වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ රට බවට ඉන්දියාව පත්ව ඇත.

ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබේ. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා.

අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියි.

මේ අතර ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185,000 ඉක්මවා ගොස් ඇත. ගතවූ පැය 24 තුලදී එරටින් මරණ 1,105ක් වාර්තා වූ අතර රෝගීන් ගණන 49,061 ක් වර්ත් වේ.

අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6,096,235ක් වන අතර මරණ සංඛ්‍යාව 185,901කි.

බ්‍රසීලයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 48,112ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යා 868ක් වුවා.

එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,812,605ක් වන අතර මරණ සංඛ්‍යාව 119,594 කි.

මේ අතර ලබන දෙසැම්බර් මාසය වන විට අමෙරිකාවේ පුද්ගලයින් 317,000 ක පිරිසක් නව කොරෝනා වෛරසයෙන් මියයනු ඇති බවට පර්යේෂණ කණ්ඩායමක් විසින් ඔවුන්ගේ නවතම ගණනය කිරිමේ දත්ත අනුව පෙන්වා දී තිබේ.

IHME නම් මෙම පර්යේෂණ කණ්ඩායම සිය නවතම පර්යේෂණ වාර්තා අනුව පෙන්වා දී සිටින්නේ සමාජය තුල පුද්ගලයින් ගෙන් 95% ක පිරිසක් මුඛ ආවරණ පලදින්නේ නම් මරණ සංඛ්‍යාව 67,000කින් පහත වැටෙනු ඇති බවයි.

Related posts

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලදීලා

colombotoday

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්.. මාධ්‍ය හමුවේ සිටි ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි

colombotoday

video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාර

colombotoday

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday