Colombo Today Local News

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

මෙරට පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා නවීන මගී බස් රථ දෙදහසක් ආනයනය කිරීමට මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පහත් පතුල් සහිත බස් රථ ආනයනය කිරීම සඳහා මෙලෙස පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1750 ක මුදලක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

යුරෝපය,මැලේසියාව, ජපානය ඇතුළු රටවල මගී ප්‍රවාහනය පහසු කිරීම සඳහා සැපපහසු පහත් පතුල් සහිත බස්රථ භාවිත කෙරේ.

මෙරට දැනට භාවිත කරන ඉන්දීය බස්රථවල මගී පහසුව හෝ ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමු නොකෙරන අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවේදී මගීන් දුෂ්කරතාවන්ට පත් වේ.

මීට පිළියමක් ලෙස මගී පහසුව සැලසීමේ අරමුණින් අදාල බස්රථ යුරෝපයෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර එම බස්රථ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

මේවන විටත් නාගරික ප්‍රදේශ කිහිපයක සහ අධිවේගි මාර්ගයන්ගේ මෙවැනි බස්රථ ධාවනයට යොදවා ඇති බව සඳහන්.

Related posts

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

colombotoday

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

ඉවසුවා දැන් ඇති.. රතු කට්ටත් පැන ඉවරයි.. මරික්කාර් මහ පෙරළියකට සූදානම් !!

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin