World

“ඇමරිකාවේ පැවැත්මට මුසල්මානුවන් තර්ජනයක්. රටට ඇතුළුවීමටවත් ඉඩ නොදිය යුතුයි” ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

doneld trumph 23

මුස්ලිම් ජාතිකයන් ඇමරිකාවට ඇතුළුවීම මුළුමනින්ම සහ සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අයි.එස් හිතවාදී මුස්ලිම් යුවලක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින්.

රිපබ්ලිකන් අපේක්ෂකයා වැඩිදුරටත් සදහන් කළේ ඇමරිකානුවන් කෙරෙහි වෛරී හැගීමෙන් පසුවන මුස්ලිම් ජාතිකයන් රටේ පැවැත්ම අවදානමට ලක් කරන බවයි. දැනට ඇමරිකාවේ ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු පවසයි.

කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ධවල මන්දිරයේ දැඩි විවේචනයට ලක්වුණා. ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය ඇමරිකානු අගයන්ට පටහැනි ප්‍රකාශයක් බවයි.

Related posts

හමාස් සංවිධානයෙන් නිදහස ලැබූ ප්‍රාණඇපකරු මාධ්‍ය හමුවට එක්වෙයි

Admin

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin

රිය අනතුරකින් පුද්ගලයින් 53ක් මරුට

colombotoday

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

colombotoday

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin