මාස දෙක තුනකින් තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය අවසන් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25දා) පැවැසීය.
ඩි.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවත් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පවත්වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (25දා) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬේරුවේ උපාලි හිමියන් තමන්ට පෞද්ගලිකව කළ අනුශාසනාවක් මූලික කරගනිමින් විවිධ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.