Colombo Today Local News

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම දිවුරුම් දෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යධුර යළි භාර ගැනිමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“අපි අයින් වුණේ ජාති වාදී නිසා නෙමෙයි. අපේ ජනතාවට ආරක්ෂාවක් දෙන්නයි. අපි කල් දුන්නා මාසයක් ඇතුළත මේ ප්‍රශ්නය විසඳන්න කියලා. ගොඩක් ප්‍රශ්න තිබුණේ රිෂාඩ් බද්යුදීන් ඇමතිතුමාට.

එයා නිවැරදියි කියලා අපි පෙන්වා දී තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ අපේ ගැන කථා කරන්න හයිය මදි අපිට. අපි තිරණය ගත්තේ කැබිනට් ඇමතිධුර භාර ගන්න කියලා.

ජනපතිතුමා හමුවුණ වෙලාවෙත් අපිට ඇමතිධුර භාර ගන්න කියලා ඉල්ලීමක් කළා.

මල්වත්තේ හාමුදුරුවොත් කිව්වෙ අපිට ඇමතිධුර භාර ගන්න කියලයි. අපි හිටපු අමාත්‍යධුරවලම දිවුරුම් දෙනවා. රිෂාඩ් ඇමතිතුමාත් දිවුරුම් දෙනවා කියලා කිව්වා”

Related posts

ජයසේන ඉස්කෝලෙ මහතාට කලකට පසු හමු වූ ‘දෙවන මනමාලයා‘

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

colombotoday