Colombo Today Local News

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ආනවිළුන්දාව අධි සංවේදී පරිසර පද්ධතියේ අක්කර 4කට ආසන්න භූමියක් ඩෝසර් කර ඉස්සන් කොටු ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.

1997 වසරේ ජූනි 11 වැනිදා අභය භූමියක් ලෙස නම් කර ඇති මෙම තෙත් බිම් අභයභූමිය හෙක්ටයාර 1397කින් සමන්විතය.

ප්‍රධාන වැව් පද්ධතියකින් ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 03 වැනිදා රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ මෙරට දෙවැනි රම්සා තෙත් බිම ලෙසය.

මෙම වටිනා පරිසර පද්ධතිය ජලජ පක්ෂීන් දස දහස් ගනනකගේ ප්‍රජනන ස්ථානයක්, ක්ෂීරපායින් ඇතුළු තවත් සතුන් දහස් ගණනකගේ පෝෂණ සහ ලැගුම් ස්ථානයක්, දුලබ සමනල් විශේෂ ගණනාවක වාසස්ථානයක් මෙන්ම උඩවැඩියා සහ ලයිකන ඇතුළු වටිනා ශාක රාශියක නිජබිමක් ලෙස ද සුරක්ෂිත වී තිබේ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ඇති මෙම අභය භූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය පසුගිය කාලයේ බොහෝ දුරට නොමනා මිනිසුන් විසින් විනාශ කර ඇත.

ඒ නිසාම පසුගිය කාලය පුරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව​, වයඹ විශ්වවිද්‍යාලයේ සහය ඇතිව කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ සටහනක් ද ආරම්භ කර තිබුණි.

එවැනි පසුබිමක පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුලුමනින්ම විනාශ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්දයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එරන්ද ගමගේ මහතා පැවසිය.

Related posts

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

colombotoday

බටහිර පර්යන්තය ආයෝජකයින් සමග එක්ව සංවර්ධනය කරනවා – වරාය ඇමති කියයි

colombotoday

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

Admin

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ |කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතුයි.

colombotoday