Colombo Today Local News

ආණ්ඩුවේ කුණු වහගන්න අපට චෝදනා කරනවා… අපේ කාලෙනම් කුණු ගෙනාවෙ නෑ !

“අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා කිය කියා මේ ආණ්ඩුවේ රට වටේ දැන් ඇවිදිනවා වෙච්ච වැරදි වහගන්න බැරිව. මම දන්නේ නැහැ අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ. මේ ආණ්ඩුව බලයට පත් වුණාම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ කුණු ආණ්ඩුවක් ආවම කුණු ගේන එක සාමාන්‍ය දෙයක්. ඒක අමුතු දෙයක් නෙමෙයි” යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හම්බන්තොට ඉදිකෙරුණු නව දිස්ත්‍රික් රෝහලේ ඊයේ (27) රාත්‍රියේ පැවති පිරිත් පින්කමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

“මේ ආණ්ඩුවේ අය අද වෙච්ච වැරදි වහගන්න හිටපු ආණ්ඩුවලට දොස් කියනවා. මේ අය කියන්නේ අපේ ආණ්ඩුකාලේ ගැසට් එකකින් මේ රටට කුණු ගේන්න අවසර දුන්නා කියලයි. මේක පට්ටපල් බොරු කතාවක්. අපේ කාලේ ගැසට් එකකින් මේක මේක වෙලා තියෙන්නේ කිව්වට අපේ කාලේ කිසිදු ගැටලුවක් වුණේ නෑ.

අනික තමයි අපේ කාලේ ගේන සැම දෙයක් පිළිබඳවම හොදට පරීක්ෂා කරලා බලලා නියාමනයක් ඇතිවයි සියලු දේ එළියට දැම්මේ. ඉතින් ඒ නිසා ඒ කාලේ කිසිදු ගැටලුවක් තිබුණේ නෑ. දැන් මේ ආණ්ඩුව ආවම තමයි මේ කුණු ගේන්න පටන් අරන් තියෙන්නේ. මේ අය ගෙනල්ලා අපිට ඇඟිල්ල දිගු කරලා හරියන්නේ නෑ.”

Related posts

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin

විමල්ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

colombotoday

මව් බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ

colombotoday