Colombo Today Local News

අලුත් අගමැති රාජිත ?

අලූත් අග‍්‍රාමාත්‍යවරයෙකු පිළිබද මේ වනවිට දේශපාලන කරලියේ කතාබහක් මතුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පාර්ශවයෙන් නම් 3 ක් යෝජනා වී ඇති බව වාර්තා වේ.

තිලක් මාරපන, රංජිත් මද්දුම බණ්ඩාර සහ රාජිත සේනාරත්න යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නම් ඒ අතරට අයත් බව සඳහන්ය.

රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි අග‍්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවධාරණය කළේය.

කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහ හැර එම පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්‍ෂයේ හෝ වෙනත් කිසිදු මන්තී‍්‍රවරයෙකු මේ මොහොතේ අග‍්‍රාමාත්‍ය ධුරය සදහා නම් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉකුත්දා ඒකමතිකව තීරණය කළේය.

කිසිවෙකුත් අපේක්‍ෂා නොකරන පුද්ගලයෙකු අග‍්‍රාමාත්‍ය ධුරය සදහා යෝජනා විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ (29) ප‍්‍රකාශ කළේය

පුද්ගලිකව කිසියම් අයෙකුට ජනාධිපති සහ අගමැති ධුරයන් පිළිබදව ආශාවන් ඇතිවීමට ඉඩක් ඇතත් අදාළ ධුරයන්ට යායුතු වන්නේ නිසි ක‍්‍රමවේදයකින් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඊයේ ප‍්‍රකාශ කළේය

Related posts

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

ගන්දර සමන් STF දැලේ

colombotoday

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

colombotoday

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday