Colombo Today Local News

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

මේ වන විට රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් විල්පත්තු රක්ෂිතයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

එසේම මේ වනවිට විල්පත්තු රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරන අතර විල්පත්තු රක්ෂිතයට මායිම්ව පිහිටි නිවාස ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් එහි ඇතැම් නිවාසවල පුද්ගලයින් නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් නාච්චිකල්ලිය ප්‍රදේශයේ කලපුව අද්දර දමා ගොස් තිබූ අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් සොයාගැනීමට කල්පිටිය පොලිසිය සමත් වී තිබෙනවා.

එම ප්‍රදේශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී පොලිසිය විසින් මෙම බැනර් තොගය සොයා ගෙන ඇති අතර කල්පිටිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Related posts

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday

“ගෙදරක ප්‍රශ්න ඇති වුනාම එක පාරම “ඩිවෝස්” වෙන්නේ නෑ..” – අර්ජුන

colombotoday

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

ISIS දැයි සැකයක්… බුබායි සිට ආ මුස්ලිම් පවුලක් පිටුවහල් කරයි

colombotoday

JVP බෝඩ් ලෑල්ල ගහගෙන බදු නොගෙවා මගහරින්නේ කොහොමද – දිලිත් කුරුණෑගලදී අනුරගෙන් අසයි

colombotoday