Colombo Today Local News

අයවැය බදු ඉවත්කර ගනු – බස් ගැමුනුත් වර්ජනයකට සැරසෙයි

gamunu

දුම් සහතික සහ වාහන හිමිකාරිත්වය සම්බන්ධයෙන් අය වැයෙන් වැඩි කළ බද්ද ඉවත් කර නොගතහොත් සති දෙකක්‌ ඇතුළත දැවැන්ත විරෝධතාවක්‌ දක්‌වන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන් ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මුදල් ඇමැතිවරයා පෞද්ගලික බස්‌ කර්මාන්තයට හා පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් බදු පැනවීමට කටයුතු කිරීමට පෙර පෞද්ගලික ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා නොකළ බවට ද හෙතෙම චෝදනා කරයි.

රජයේ වාහනවලට කිසිදු දුම් සහතිකයක්‌ ලබා නොගෙන දුම් සහතික බද්ද රුපියල් 5000 ක් ‌ද, වාහන හිමිකාරත්ව බද්ද බස්‌ රථවලට 10,000 ක්‌ සහ මෝටර් රථවලට රුපියල් 15000 ක්‌ ලෙස වැඩිකිරීම මහත් අසාධාරණ බව ද විජේරත්න මහතා කී ය.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (23) මුදල් ඇමැතිවරයා වෙත ලිපියක්‌ භාරදෙන බවත් එයට නිසි ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් විවිධ සංවිධාන සහ සංගම් එකතු කරගෙන සති දෙකක්‌ ඇතුළත දැවැන්ත විරෝධතාවක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් කී ඒ මහතා සමස්‌ත අයවැය දෙස බැලීමේ දී එය ප්‍රෝඩාකාරී අයවැයක්‌ ලෙස පෙනී යන බව ද වැඩිදුරටත් කී ය.

Related posts

ඇමරිකානු සාම හමුදාවේ කණ්ඩායමක් ලංකාවට ගොඩබහී.. ගිවිසුම් අත්සන් කෙරේ…

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

විමල් FCID යේ.. අත්අඩංගුවට ගැනීමට සූදානම් !

colombotoday

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

“තැන් තැන්වල අවලාද එපා.. කෙලින් එන්න“ – මන්ත්‍රී ප්‍රසන්නට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday