Colombo Today Local News

අය වැය පරදවන්න රහස් මෙහෙයුමක්

අය වැය පරාජය කොට කඩිනමින් මහ මැතිවරණයකට යාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රධාන කොටගත් විපක්ෂයේ දේශපාලන පක්ෂ පුළුල් සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණද මේ සඳහා සහයෝගය දීමට එකඟතාව පළකර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ නායකයන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ අයවැය පරාජය කිරීම පිළිබඳව බවද වාර්තා වේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන වැඩපිළිවෙලට අනුගතව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකුද අයවැය ඡන්දය මගහැරීමට කටයුතු කරන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

colombotoday

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday

කතානායක හා නීතිපති ජනතා පරමාධිපත්‍ය කොල්ල කමින් ඉන්නවා

colombotoday

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

colombotoday

සේවකයින්ගේ මාසික වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

Admin

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

colombotoday