Colombo Today Local NewsUncategorized

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

no fire zoneජිනීවා යෝජනාව අනුව අභ්‍යන්තර ක්‍රමවේදයක් යටතේ පිහිටුවීමට නියමිත අධිකරණයේ දී සාක්ෂි ලබා දීමට තමන් සූදානමින් සිටින බව චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැකරේ නමැත්තා ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.

එම පරීක්ෂණය පීඩාවට පත් ජනතාවගේ විශ්වාසනීයත්වය දිනා ගන්නා අවංක හා ස්වාධීන එකක් විය යුතු බවත් එහිදී යුධ අපරාධ සදහා වන සාධක ඉදිරිපත් කර, සාක්ෂි ලබා දීමට තමා සූදානමින් සිටින බවත් මැකරේ සදහන් කරනවා. ඒ සදහා තමන් නිර්මාණය කළ වීඩියෝව සදහා භාවිතා කළ සාධක ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, එම සාධක ඉදිරිපත් කළ පුද්ගලයින් ආරක්ෂා කලයුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මැක්ස්වෙල් පරණගම කොමිසමෙන් තමන්ගේ වීඩියෝව පිළිබද කරුණු දක්වා ඇති බැවින් එය ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවල ප්‍රදර්ශනය කිරීමට ඉඩ දිය යුතු බවට ඉකුත් දා මෙම පුද්ගලයා ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම එකී චැනල් 4 වීඩියෝව අඩංගු දර්ශන ව්‍යාජ ඒවා වන බවත් තමිල්ණාඩුවේ චිත්‍රාගාරයකදී එහි දර්ශනවලට සිංහල හඩ කවා ඇති බවටත් බ්‍රිතාන්‍යයයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මීට දින කිහිපයකට ඉහතදී හෙළිදරව් කර තිබුණා.

ශ්‍රී ලංකා යුධ හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන කැලම් මැකරේ ගේ ව්‍යාජ වීඩියෝව යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට රජය ඉඩ දුන්නොත් එය ඉතිහාසයේ සිදු කරන මහා පාවදීමක් වනු ඇති බවයි ජාතිහිතෛශී බලවේග දෙසින් පැවසෙන්නේ.

Related posts

හාල් පෝලිම් පොල් පෝලිම් ඇතිවෙලා අනුරට රට කරන්න බෑ

Admin

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

දුම්රිය ධාවනයට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

Admin

රට කෑලි හතරකට කඩන බව ජිනීවා ගිය ශිවාජිලිංගම් පවසයි…

colombotoday

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

colombotoday

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි

Admin