Colombo Today Local News

අපේ ඉල්ලීම්වලට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සාධාරණය ඉටු වෙනවා – සම්බන්ධන්

අපේ ඉල්ලීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් සාධාරණය ඉටු වි තිබෙන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පැවසු බව දමිළ මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවධානය යොමු ඇති බවද සම්බන්ධන් මහතා පැවසු බව අදාළ මාධ්‍ය වාර්තා කරයි.

උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට විසදුම් ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුවට විසදුම් ලබා ගැනීම,අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආදි ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවස්ථාවක් උදාවි ඇති බවද සම්බන්ධන් මහතා එහිදි ප්‍රකාශ කොට තිබිණ.

සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීමට හැකියාවක් නොමැති බව පෙනී යන බවයි.

ජනාධිපතිවරණය‍ වෙනුවෙන් එක්ව සිටින දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හෙට(03) වවුනියාවේදී රැස්වීමට නියමිත අතර, අදාළ පක්ෂවල තීරණය හෙට(03) ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හා තරුණයින් හමුවීමේ අවස්ථාවට අගමැතිවරයා සමඟ සහභාගි වු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ දෙමළ දේශපාලන පක්ෂවල හමුවක් හෙට(03) වවුනියාවේ පැවැත්වීමට නියමිත අතර, අදාළ හමුවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට නියමිත බවයි.

වවුනියාව – මාධව කුලසූරිය

Related posts

නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

ජිනීවා අර්බුදයට විසදුම් හොයන්න ජනපති පක්ෂ 21 ක් සමග එකම මේසයක

colombotoday

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

colombotoday